නොමිලේ · exam prep
උසස් පෙළ ICT පසුගිය ප්‍රශ්න පත්‍ර
අවුරුද්ද අනුව පළමු පත්‍රයේ පිළිතුරු, නිල papers ගන්න තැන්, සහ past paper එකකින් ඇත්තටම ලකුණු වැඩි කරගන්න හැටි.
Exam එකේ තියෙන්නේ මොනවද
- පළමු පත්‍රය: බහුවරණ ප්‍රශ්න 50ක්, පැය 2යි. ඔක්කොටම උත්තර දෙන්න ඕන. වැරදි උත්තර වලට ලකුණු අඩු කරන්නේ නෑ.
- දෙවන පත්‍රය: පැය 3යි. A කොටසේ ව්‍යුහගත ප්‍රශ්න (ඔක්කොම), B කොටසේ රචනා ප්‍රශ්න (තෝරලා). Command words වලින් ලකුණු තීරණය වෙන්නේ මෙතන.
අවුරුද්ද අනුව පිළිතුරු
පළමු පත්‍රයේ ප්‍රශ්න 50ටම උත්තර, හැම ප්‍රශ්නයක්ම එන unit එකත් එක්ක.
පළමු පත්‍රයට වැඩිපුරම ප්‍රශ්න එන units
2026, 2025, 2024 පළමු පත්‍ර 3ම එකතු කරලා, ප්‍රශ්න 150න් හැම unit එකකින්ම ආපු ගාණ.
- Unit 7. පද්ධති විශ්ලේෂණය හා සැලසුම22
- Unit 6. දත්ත සන්නිවේදනය හා පරිගණක ජාලකරණය21
- Unit 9. ක්‍රමලේඛනය19
- Unit 8. දත්ත සමුදාය කළමනාකරණය17
- Unit 10. වෙබ් සංවර්ධනය14
2026 පළමු පත්‍රය online, නොමිලේ
ප්‍රශ්න 50ම, විනාඩි 120ක timer එකක් එක්ක. ලකුණු එවෙලේම, සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්. Sign in වෙන්න ඕන නෑ.
Paper එක පටන් ගන්නPast paper එකක් හරියට පාවිච්චි කරන හැටි
- 1
කලින් බලන්නේ නැතුව, වෙලාව තියලා කරන්න
Paper I එක පැය 2ක් ඇතුළත, පොත් නැතුව, phone එක පැත්තකින් තියලා. උත්තර කලින් බලපු paper එකක් කියවන එක revision වගේ දැනුණට, ඒකෙන් මොකුත් මනින්නේ නෑ.
- 2
Marking scheme එකට අනුව ලකුණු දාන්න
මතකයෙන් නෙවෙයි, නිල උත්තර එක්ක සසඳලා. Paper II වල marking scheme එකේ තියෙන key words ඔයාගේ උත්තරේ තියෙනවද කියලත් බලන්න.
- 3
නැති වුණ හැම ලකුණක්ම වර්ග කරන්න
දන්නේ නැති නිසාද, නැත්නම් ප්‍රශ්නේ හරියට කියවපු නැති නිසාද (command word එක)? දෙවෙනි එක දැනුම නැතුවම ආපහු දිනාගන්න පුළුවන් ලකුණු.
- 4
වැරදුණ ප්‍රශ්නය unit එකට හොයාගන්න
අපේ answer key pages වල හැම ප්‍රශ්නයක්ම එන unit එක තියෙනවා. එකම unit එකෙන් ගොඩක් වැරදෙනවා නම්, ඊළඟට කරන්න ඕන ඒ unit එක.
- 5
සතියකට පස්සේ ඒ paper එකම ආයෙත්
කලින් වැරදුණ ලකුණු ආයෙත් වැරදෙනවා නම්, fix එක වැඩ කරලා නෑ. ආයෙත් ඒ unit එකට.
Command words ගැන: A/L ICT command words (ඉංග්‍රීසියෙන්).
නිල ප්‍රශ්න පත්‍ර ගන්න තැන්
පසුගිය ප්‍රශ්න පත්‍ර ගැන අහන ප්‍රශ්න
A/L ICT පසුගිය ප්‍රශ්න පත්‍ර download කරගන්නේ කොහෙන්ද?
විභාග දෙපාර්තමේන්තුවේ (doenets.lk) සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ e-thaksalawa වෙබ් අඩවි වලින් නොමිලේ, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය වලින්. අපි ඒ papers ආපහු host කරන්නේ නෑ, link කරනවා විතරයි.
පළමු පත්‍රයේ වැරදි උත්තර වලට ලකුණු අඩු කරනවද?
නෑ. වැරදි උත්තරයකටයි හිස් තැනකටයි දෙකටම ලකුණු බිංදුවයි. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් හිස්ව තියන්න එපා.
සිංහල මාධ්‍ය paper එකේ උත්තර ඉංග්‍රීසි මාධ්‍ය එකට සමානද?
ඔව්. Paper එක එකම, භාෂා දෙකකින්, එකම ප්‍රශ්න අංක එක්ක. Marking scheme එකේ වෙනසක් තියෙන තැන් (උදා: 2024 Q40) අපේ answer key එකේ සඳහන් කරලා තියෙනවා.
Past paper එකක් online කරන්න පුළුවන්ද?
ඔව්. 2026 පළමු පත්‍රයේ ප්‍රශ්න 50ම timer එකත් එක්ක මේ site එකේ නොමිලේ කරන්න පුළුවන්. Sign in වෙන්න ඕන නෑ, ලකුණු එවෙලේම පෙන්නනවා.
More free A/L ICT resources
- A/L ICT 2027 guide — exam date, syllabus, plan
- A/L ICT 2027 predicted paper — exam prediction
- A/L ICT 2026 MCQ answers — all 50, free
- A/L ICT MCQ of the day — keep a streak
- Free ICT notes & past papers
- The full syllabus, unit by unit
- Syllabus, resource book & teacher's guide
- Free unit tests — 10 questions for every unit
- Short notes — every unit, one line each
- A revision plan, especially for repeats
- Exam command words explained
- 10 worked "distinguish between" answers
- Number systems & two's complement
- Logic gates, symbols & truth tables
- Where A/L ICT can take you
- Dr. Yasas Sri Wickramasinghe — lecturer profile